මෙම පෞද්ගලිකත්ව ප්‍රකාශය,දත්ත රැස් කිරීම සහ මෙම භාෂිතයන් විදහා දැක්වීම,සහ Microsoft නිෂ්පාදන නොබැඳි අවස්ථාවන්හීදිද සේවාවන්ට සහයෝගය දැක්වීම වැනි Microsoft සේවාවන් සඳහා සහ වෙබ් අඩවි වලට අදාළ වේ. එය Microsoft අඩවි, සේවාවන් සහ විදහා නොදක්වන නිෂ්පාදන හෝ මෙම ප්‍රකාශයට සම්බන්ධයක් නොදක්වන නිෂ්පාදන හෝ තමන්ට පමණක් සුවිශේෂී වු පෞද්ගලිකත්ව ප්‍රකාශ ඇති අයට මෙය අදාළ නොවේ
සුවිශේෂී වූ මාතෘකාවක් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර පහත සඳහන් ඇති සංක්ෂිප්තයන් කියවා"Learn More" ( ලර්න් මෝ) මත ක්ලික් කරන්න. තවද ඔබ නිෂ්පාදකයන්ගේ පුද්ගලිකත්ව ප්‍රකාශය බැලීම සඳහා ඉහත දක්වා ඇති නිෂ්පාදන ලැයිස්තුව ද තේරිය හැකිය. සමහර නිෂ්පාදන,සේවාවන් හෝ මෙම ප්‍රකාශයේ සඳහන් කර ඇති ලක්ෂණ,මේ වේලාවේ සියලුම අලෙවි සැල්වල නොතිබෙන්නට පුළුවන. තවද ඔබට ඔබේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ Microsoft වගකීම පිළිබඳ වැඩි තොරතුරු http://www.microsoft.com/privacy වෙතින් සොයා ගත හැකිය.
බොහෝ Microsoft සයිට්ස් "කුකීස් " භාවිතා කරන අතර ඒවා වසමක් තුළ ඇති වෙබ් සේවාදායකයකු විසින් කියවිය හැකි කුඩා පෙළ ගොනුවක් වන අතර ; එම කුකීස් ඔබේ දෘඩ තැටියේ දමනු ලැබේ. අපි ඔබේ මනාපයන් සහ සැකසුම් ගබඩා කිරීම සඳහා කුකීස් භාවිතා කරනු අතර; ඇතුල් වීමටද උදව් වේ; ඉලක්ක කරගත් වෙළද ප්‍රචාරණ; සහ අඩවි ක්‍රියා කරවීම, විශ්ලේෂණය කරනු ලැබේ.
අපි කුකීස් නිදහස් කිරීම සඳහා සහ විශ්ලේෂ සම්පාදනය කිරීමට වෙබ් බීකන්ස්ද භාවිතා කරනු ලැබේ. මේවාට තෙවන පාර්ශව වෙබ් බීකන්ස් අන්තර්ගත වන අතර, ඔබේ පුද්ගලික තොරතුරු එක් රැස් කිරීමට වළක්වා ඇත.
ඔබට කුකීස් සහ තාක්ෂණයන් පාලනය කිරීමට විවිධාකාර මෙවලම් ඇත.
කුකීස් භාවිතය
බොහෝ Microsoft වෙබ් අඩවි "කුකීස්" භාවිතා කරයි.ඒවා ජාල සේවා සේවාදායකයකු විසින් ඔබේ දෘඩ තැටියක තැන්පත් කර ඇති කුඩා පෙළ ගොනු වර්ගයකි. ඔබට කුකීස් නිකුත් කරන වසම තුළ ඇති වෙබ් සේවාදායකයා මඟින් කියවිය හැකි පෙළක් කුකීස් තුළ අඩංගු වේ. නිතරම එම පෙළෙහි ඔබේ පරිගණකය අනුපමේය ලෙස හඳුනාගත හැකි අනු ලකුණු අංක වැලක් සහ අකුරු අන්තර්ගත වන අතර, නමුත් වෙනත් තොරතුරුද ඇතුළත් වේ. ඔබ අපේ වෙබ් පිටුවකට පිවිසෙන විටMicrosoft විසින් ඔබේ දෘඩ තැටියේ තැන්පත් කරන කුකීස් තුළ ඇති පෙළකට උදාහරණයක් පහත දැක්වේ: E3732CA7E319442F97EA48A170C99801
අපි පහත සදහන් කරුණු සදහා කුකීස් භාවිතා කරයි:
අපි සුලභව භාවිතා කරන කුකීස් සමහරක් පහත වගුවේ ලැයිස්තු ගත කර ඇත. මෙම ලැයිස්තුව දීර්ඝව විස්තර කර නැති අතර, අපි කුකීස් සැකසීමට ඇති සමහර හේතු, විදහා දැක්වීමට අදහස් කර ගෙන ඇත. ඔබ අපේ එක හෝ වෙබ් අඩවියකට පිවිසුනහොත්, පහත සඳහන් කුකීස් කිහිපයක් හෝ සියල්ලම අඩවිය විසින් සකසනු ඇත:
කුකීස් වලට අමතරව ඔබ අපේ වෙබ් අඩවි වලට පිවිසෙන විට Microsoft සකස් කරනු ලැබේ. තවද, තෙවන පාර්ශවයන්ද ඔබ Microsoft සයිට්ස් වලට ප්‍රවේශ වීමේදී දෘඩ තැටිය මත කුකීස් සකසනු ලැබේ. සමහර අවස්ථාවලදී, අඩවි විශ්ලේෂණ වැනි සමහර සේවාවන් අප වෙනුවෙන් සැපයීමට අපි තෙවන පාර්ශවයක් කුලියට ගෙන ඇත්තේ එම නිසාය. වෙනත් අවස්ථාවලදී, අපේ වෙබ් පිටුවල වෙනත් දැන්වීම් ජාලයන් විසින් නිකුත් කරන වීඩියෝ, ප්රවෘත්ති අන්තර්ගතයන්, හෝ වෙළඳ දැන්වීම් වැනි තෙවන පාර්ශවයක අන්තර්ගතයන් හෝ දැන්වීම් අඩංගු වනුයේ එම නිසාය. ඔබේ බ්‍රව්සරය, එම අන්තර්ගතයන් ගැන සොයාබැලීම සඳහා තෙවන පාර්ශව වෙබ් සේවා වෙත සම්බන්ධ වන බැවින්, එම තෙවන පාර්ශව වලට ඔබේ දෘඩ තැටියේ ඇති ඒ අයගේ කුකීස් සකස් කිරීම හෝ කියවීමට හැකිය.
කුකීස් පාලනය කරන්නේ කෙසේද
උදාහරණයක් ලෙස, Internet Explorer 9 හි පහත සඳහන් පියවරයන් අනුගමනය කිරීමෙන් ඔබට කුකීස් අවහිර කළ හැකිය:
වෙනත් බ්‍රව්සරයන්හි ඇති කුකීස් පාලනය කිරීමේ උපදෙස් http://www.allaboutcookies.org/manage-cookies/ වෙත පිවිසෙන්න.
ඔබ කුකීස් ප්‍රතික්ෂේප කිරීම තෝරාගත හොත්, ඇතුල්වීමට හෝ කුකීස් මත යැපෙන Microsoft සයිට්ස් සහ සේවාවන් වල අන්තර් ක්‍රියාකාරී ලක්ෂණ භාවිතා කිරීමට නොහැකි වනු ඇත. තවද කුකීස් මත යැපෙන සමහර දැන්වීම් ප්‍රචාරණ මනාපයන් සැළකිලි නොදක්වනු ඇත.
වෙනත් බ්‍රවුසර් වල ඇති කුකීස් මකා දැමීම සදහා උපදෙස් මෙම වෙබ් අඩවියේ ඇත http://www.allaboutcookies.org/manage-cookies/.
ඔබ කුකීස් මකා දැමීම තෝරාගත හොත්, දැන්වීම් ප්‍රචරණ මනාපයන් වැනි කුකීස් මඟින් පාලනය වන ඕනෑම සැකසුම් හෝ මනාපයන් මැකෙන අතර නැවත සාදාගැනීමට සිදුවේ.
"ලුහුබැඳ නොයන්න" සහ "ලුහුබැඳීමේ ආරක්ෂාවන්" සඳහා බ්‍රව්සරය පාලනය කරයි. සමහර නව බ්‍රව්සරයන් තුළ සම්මත කළ “ලුහුබැඳ නොයන්න" විශේෂාංගය ඇතුළත්ය. මෙම විශේෂාංග බොහෝමයක්, විවෘත කිරීමෙන් පසු, ඔබට ලුහු බැදීමට අකමැති බව දන්වා සංඥාවක් හෝ මනාපයක් ඔබ පිවිසෙන වෙබ් අඩවි වලට අඟවනු ලැබේ. එම අඩචි (හෝ එම අඩවි වල තෙවන පාර්ශ්ව අන්තර්ගතයන්) ඔබ මෙම මනාපයන් පකාශ කර තිබියදීත්, අඩවියේ පෞද්ගලිකත්ව කියාවන් මත, ලුහුබැදීම සම්බන්ධ ක්‍රියාවන් දිගටම කරගෙන යනු ලැබේ.
ඔබ තෙවන පාර්ශව අන්තර්ගතයන් සපයන්නන්ගේ අඩවි වලට ඔබේ ප්‍රවේශ වීම් වල විස්තර ඉබේම යැවීම වැළැක්වීම සඳහා Internet Explorer 9 සහ 10 හී ට්‍රැකින් පොටෙක්ෂන් නම් විශේෂාංගයක් ඇත. ඔබ ට්‍රැකින් ප්‍රොටෙක්ෂන් ලැයිස්තුව එකතු කළ පසු, Internet Explorer විසින් කුකීස්ද ඇතුළුව අවහිර කළ යුතු යැයි ලැයිස්තු ගත කර ඇති ඕනෑම අඩවියකින් එන තෙවන පාර්ශව අන්තර්ගතයන් අවහිර කරනු ලැබේ. මෙම අඩවි වලට ඇමතීම සීමා කිරීමෙන්, Internet Explorer මෙම තෙවන පාර්ශව අඩවි වලට ඔබ ගැන ලබාගත හැකි තොරතුරු සීමා කරනු ලැබේ. තවද ඔබ ලුහුබැඳීම ආරක්ෂා කිරීමේ ලැයිස්තුව පවරා තැබීමෙන් Internet Explorer ඔබ පිවිසෙන අඩවි වලට සංඥාව ලුහු නොබදින්න හෝ මනාපයන් යවනු ලබයි. ඊට අමතරව Internet Explorer 10 හි ඔබට කැමති ලෙස DNT "off" හෝ "on" කර තැබිය හැකිය. හඹායෑමේ ආරක්ෂිත ලැයිස්තුව සහ හඹායෑම නොකරන්න පිළිබඳ වැඩිදුර දැනගැනීම සඳහා Internet Explorer පුද්ගලිකත්ව ප්‍රකාශය හෝ Internet Explorer උපකාරක බලන්න.
පුද්ගලික වෙළඳ ප්‍රචාරණ සමාගම්ද, ඒ අයගේම ඉවත් වීමේ හැකියාවන් සහ උසස් වෙළඳ ප්‍රචාරණ තේරීම්ද ලබාදේ. උදාහරණයක් ලෙස Microsoft හි වෙළඳ ප්‍රචාරණ මනාපයන් සහ ඉවත් වීම පාලනය කිරීම ගැන පහත වෙබ් අඩවියේ ඇත http://choice.live.com/advertisementchoice/. කරුණාකර ඉවත් වීම යනු ඔබට දැන්වීම් ලබාගැනීම නැවැත්වීම හෝ දැන්වීම් කිහිපයක් බලාගැනීම නැවත ඔබ අවධාරණය කරන්න; කෙසේ හෝ ඔබ ඉවත් වුවහොත්, ඔබට ලැබෙන දැන්වීම් තවදුරටත් චර්යාත්මකව ඉලක්ක ගත ඒවා නොවනු ඇත. ඊට අමතරව ඉවත්වීමෙන් අපේ සේවා සැපයුම් කරුවන් වෙත තොරතුරු යැවීම නොවැලැක්වෙනු ඇත.නමුත් චර්යාත්මක ප්‍රචාරනයන් සදහා භාවිතා කළ හැකි චරිත සටහන නිර්මාණය කිරීම සහ යාවත්කාලීන කිරීම වලක්වනු ලබයි.
අපේ වෙබ් බීකන්ස් භාවිතය
Microsoft වෙබ් පිටු වල වෙබ් බීකන්ස් ලෙස හැදින්වෙන ඉලෙක්ට්‍රොනික ප්‍රතිබිම්බ අඩංගු වේ.සමහර විට මේවා single-pixel gifs ලෙසද හඳුන්වයි. අපේ අඩවි වල කුකීස් යැවීමට සහයවීම සඳහාද මේවා භාවිතා කෙරේ තවද පොදු සලකුණක් ඇති සේවා යැවීමට සහ පිටු වලට ප්‍රවේශ වුණ භාවිතා කරන්නන් සංඛ්‍යාව ගණන් කර ගැනීමට සලස්වනු ලැබේ. අපි පණිවුඩ විවෘත කර ක්‍රියාත්මක වී ඇතිදැයි තීරණය කිරීම සඳහා ප්‍රවර්ධන විද්‍යුත් තැපැල් ලිපි, පණිවුඩ හෝ අපේ පුවත් ලිපි වල වෙබ් බීකන්ස් ඇතුල් කරනු ලැබේ.
අවසානයේ, දැන්වීම් කරුවකුගේ අඩවියක මිලදී ගැනීමක් හෝ වෙනත් ක්‍රියාවක් හේතුකොට ගෙන Microsoft අඩවියක ඇති වෙළද දැන්වීමක් කී වාරයක් ක්ලික් කරනවාද යන්න අපට සංඛ්‍යාලේඛන නැංවීම සඳහා ඒ අයගේ අඩවි වල වෙබ් බීකන්ස් (Web beacons) පිහිටුවීම සඳහා Microsoft අඩවිවල ප්‍රචාරණය කරන වෙනත් සමාගම් සමඟ අපි වැඩ කරනු ඇත.
Microsoft, අපේ අඩවි වල ප්‍රවර්ධන ක්රියාමාලාවන්හි හෝ වෙනත් ක්රියාකාරීත්වයන් වල සඵලතාවය පිළිබඳ සමූහස්ථ සංඛ්‍යාලේඛන සම්පාදනය කිරීමට සහාය වීම සඳහා,තෙවන පාර්ශවයන්ගෙන්ද වෙබ් බීකන්ස් ලබාගෙන සේවයේ යොදවනු ඇත. මෙම වෙබ් බීකන්ස් , ඔබේ පරිගණකය මත තෙවන පාර්ශවයකට කුකීස් සැකසීම හෝ කියවීමට සලස්වයි. අපි තෙවන පාර්ශවයකට වෙබ් බීකන්ස් භාවිතා කර අපේ අඩවි මත ඔබේ පුද්ගලික තොරතුරු රැස්කිරීම හෝ ප්‍රවේශ වීම වළක්වයි. එසේ නමුත් ඔබට පහත සඳහන් සෑම විශ්ලේෂී සපයන්නන් සඳහා වූ ලින්ක්ස් ක්ලික් කර, දත්ත රැස් කිරීම හෝ මෙම තෙවන පාර්ශව විශ්ලේෂි සමාගම් මඟින් භාවිතා කිරීමෙන් ඉවත් විය හැකිය:
වෙනත් සමාන තාක්ෂණයන්
සම්මත කුකීස් සහ වෙබ් බීකන්ස් වලට අමතරව , වෙබ් අඩවි වලට ඔබේ පරිගණකය මත ඇති දත්ත ගබඩා කිරීමට හෝ කියවීම සඳහා වෙනත් තාක්ෂණයන් භාවිතා කළ හැකිය. මෙය සිදුකරනුයේ, ඔබේ මනාපයන් පවත්වාගැනීමට හෝ, සමහර ගොනු ළඟ පාත තබාගැනීමෙන් වේගය සහ ඉදිරිපත් කිරීම වැඩි කිරීම නඟා සිටුවීම සඳහාය. නමුත් සම්මත කුකීස් මෙන්, එය ඔබේ පරිගණකය සඳහා අනුපමේය හඳුනාගන්නෙකු ගබඩා කිරීමටද භාවිතා කරයි.එමඟින් එය චර්යාවන් ලුහුබැදීමට භාවිතා කරයි. මෙම තාක්ෂණයන්ට, ස්ථාපනිකව බෙදාගන්නා උපාංග ( හෝ "ෆ්ලෑෂ් කුකීස්") සහ යෙදවුම් Silverlight ගබඩාවන් ඇතුළත් වේ.
ස්ථානීයව බෙදාගන්නා උපාංග හෝ ෆ්ලෑෂ් කුකීස්" ඇඩෝබේ ෆ්ලෑෂ් තාක්ෂණයන් භාවිතා කරන වෙබ් අඩවි ස්ථානීයව බෙදාගන්නා උපාංග හෝ "ෆ්ලෑෂ්" කුකීස් භාවිතා කරනු ඇත. ඔබේ පරිගණකය මත දත්ත ගබඩා කිරීම සඳහා. සම්මත කුකීස් සඳහා ෆ්ලෑෂ් කුකීස් ව්‍යක්ත කිරීමේ හැකියාව, බ්‍රව්සරයෙන් බ්‍රව්සරයට වෙනස් වන නිසා ඔබේ බ්‍රව්සර් සැකසුම් වලට පාලනය කිරීමට හැකි හෝ නොහැකි වනු ඇත. ෆ්ලෑෂ් කුකීස් කළමනාකරණය කිරීමට හෝ අවහිර කිරීම සඳහා http://www.macromedia.com/support/documentation/en/flashplayer/help/settings_manager.html වෙත පිවිසෙන්න.
Silverlight යෙදවුම් ගබඩාව. Microsoft Silverlight තාක්ෂණයන් භාවිතා කරන වෙබ් අඩවි හෝ යෙදවුම් වලට Silverlight යෙදවුම් ගබඩාවන් භාවිතා කරමින් දත්ත ගබඩා කිරීමේ හැකියාව ඇත. එවැනි ගබඩාවන් කළමනාකරණය කිරීමට හෝ අවහිර කිරීමට ඉගෙනීම සඳහා Silverlight වෙත පිවිසෙන්න.
අපට හැකි අයුරින් වඩාත් ඵලදායි ලෙස ක්‍රියා කරවීමට සහ ඔබට වඩාත් හොඳ නිෂ්පාදන, සේවාවන් සහ පලපුරුද්ද සැපයීමට Microsoft විවිධ තොරතුරු රැස්කරනු ලබයි.
ඔබ ලියාපදිංචි වී, ඇතුල් වී අපේ අඩවි සහ සේවාවන් භාවිතා කරන විට අපි තොරතුරු රැස් කරනු ලැබේ. තවද අපි වෙනත් සමාගම් වලින්ද තොරතුරු ගනු ලැබේ.
අපි මෙම තොරතුරු වෙබ් පෝරම කුකීස්, වැනි තාක්ෂණ, වෙබ් ප්‍රවේශ වීම්,සහ ඔබේ පරිගණකයේ හෝ වෙනත් උපාංගයක මෘදුකාංග වැනි විවිධාකාර මාර්ග තුළින් මෙම තොරතුරු රැස්කරනු ලැබේ.
අපට හැකි අයුරින් වඩාත් එලදායි ලෙස ක්‍රියා කරවීමට සහ ඔබට වඩාත් හොඳ නිෂ්පාදන, සේවාවන් සහ පළපුරුද්ද සැපයීමට Microsoft විවිධ තොරතුරු රැස්කරනු ලබයි. මෙම තොරතුරු සමහරක් ඔබ අපට සෘජුවම සපයයි. එයින් සමහරක් ඔබ අපේ නිෂ්පාදන සහ සේවාවන් සමඟ ක්‍රියාකරන ආකාරය නිරීක්ෂණය කිරීම තුළින් ලබාගනු ලැබේ. එයින් සමහරක් වෙනත් ප්‍රභවයන් මඟින් පවතින අතර ඒවා අපි සෘජුවම රැස්කරගත් දත්ත සමඟ සම්බන්ධ කරනු ඇත.ප්‍රභවයන් ගැන නොතකා. එම තොරතුරු වලට රැකවරණය සැපයීම සහ ඔබට පෞද්ගලිකත්වය පවත්වාගෙන යාමට ආධාර කිරීම වැදගත් බව අපි විශ්වාස කරනු ලැබේ.
අපි රැස් කල දෑ.
අපි රැස් කරන ආකාරය:
අපි ඔබ අපේ අඩවි සහ සේවාවන්, භාවිතා කරන ආකාරයෙන් විවිධ ක්‍රම සහ තාක්ෂණයන් මඟින් තොරතුරු රැස්කරනු ලැබේ.එනම්:
Microsoft, අපි රැස්කරගත් තොරතුරු, ක්‍රියාත්මක කිරීමට, නිෂ්පාදන සහ සේවාවන් වැඩිදියුණු කිරීමට සහ පුද්ගලිකව අයිති කර ගැනීමට භාවිතා කරයි.
තවද අපි එම තොරතුරු ඔබ සමඟ සන්නිවේදනය කිරීම සඳහාද භාවිතා කරයි. උදාහරණයක් ලෙස, ඔබේ ගිණුම පිළිබඳ ඔබට දැනුවත් කිරීමට සහ ආරක්ෂාවන් යාවත්කාලීන කිරීමට භාවිතා කරයි.
සහ අපි එම තොරතුරු වඩාත් අදාළ ලෙස අපේ වෙළඳ උපකාරක සේවාවන්හි දකින වෙළඳ ප්‍රචාර සැකසීම සඳහාද භාවිතා කරයි.
Microsoft, අපි රැස්කරගත් තොරතුරු, ක්‍රියාත්මක කිරීමට, නිෂ්පාදන සහ සේවාවන් වැඩිදියුණු කිරීමට සහ පුද්ගලිකව අයිති කර ගැනීමට භාවිතා කරයි. ඔබ අප සමඟ සිදුකරන අන්තර් ක්‍රියාවලිය තුළදි ඔබට වඩාත් ගැළපෙන සහ පුද්ගලිකකරණය වූ සේවාවන් ලබාදීම සඳහා එක් Microsoft සේවාවකින් ලබාගත් තොරතුරු වෙනත් Microsoft සේවාවකින් ලබාගත් තොරතුරු සමඟ ඒකාබද්ධ කරනු ඇත. අපි මේවා වෙනත් සමාගම් වලින් ලබාගත් තොරතුරු සමඟ එකතු කරනු ලැබේ. උදාහරණයක් ලෙස,ඔබේ භූගෝලීය ප්‍රදේශයේ නිශ්චිත සේවාවන් භාවිත කිරීම සඳහා ඔබේ IP ලිපිනය පදනම් කරගත් සාමාන්‍ය භූගෝලීය ප්‍රදේශයක් අපට සක්‍රීය කරගැනීමට හැකි වන ලෙස අපිට වෙනත් සමාගම් වල සේවාවන් භාවිතා කිරීමට සිදුවේ.
තවද අපි මෙම තොරතුරු ඔබ සමඟ සන්නිවේදනය කිරීමටද භාවිතා කරයි. උදාහරණයක් ලෙස, ඔබට උපලේඛනයක් එවන විට ඒ ගැන දැනුම් දීමට, ආරක්ෂක යාවත්කාලීනයන් ඇති විට ඒ ගැන ඔබට දැන්වීමට, සහ ඔබේ ගිණුම ක්‍රියාකාරීව පවත්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාවන් දැනුම් දීම සඳහා භාවිතා කරයි.
Microsoft අඩවි වලට වෙළඳ දැන්වීම් වලින් ආධාර තිබෙන බැවින්, අපේ අඩවි සහ සේවාවන් බොහෝමයක් නොමිලේ ලබාදේ. මෙම සේවාවන් පුළුල්ව පැවතීමට අවශ්‍ය බැවින්, අපි රැස්කරගත් තොරතුරු, ඔබ දකින වෙළඳ දැන්වීම් ඔබට වඩාත් අදාළ ලෙස සකසා ගැනීමට භාවිතා කරනු ලබේ.
මෙම පුද්ගලිකත්ව ප්‍රකාශයේ විස්තර කර ඇතිවාට අමතරව, ඔබේ මනාපයකින් තොරව අපි තෙවන පාර්ශවයක් වෙනුවෙන් ඔබේ පුද්ගලික තොරතුරු අනාවරණය නොකරනු ඇත.
කරුණාකර Microsoft අනුබද්ධ සහ විකුණුම්කරුවන් ඇතුලත්ව අපි විස්තර අනාවරණය කරන විට, නීතියෙන් ඉල්ලුම් කරන විට, හෝ නීති ක්‍රියාවලියට ප්‍රතිචාර දැක්වීමට, ප්‍රෝඩාවන් වැලැක්වීමට, අපේ මනාපයන් ආරක්ෂා කර ගැනීමට, හෝ ජීවිත ආරක්ෂා කර ගැනීමට, විස්තර දැනගැනීම සඳහා වෙනත් වැදගත් පුද්ගලිකත්ව තොරතුරු බලන්න.
පුද්ගලික තොරතුරු හුවමාරු කිරීම හෝ අනාවරණය කිරීමේ වැඩි විස්තර සඳහා මෙතන ක්ලික් කරන්න:
සමහර Microsoft සේවාවන් ඔබේ පුද්ගලික තොරතුරු නිරික්සීම හෝ සැකසීම සඳහා හැකියාව ලබා දේ. අන් අය ඔබේ පෞද්ගලික තොරතුරු නිරික්සීම වැළැක්වීම සඳහා, ඔබට මුලින්ම අතුල්වීමට සලස්වනු ලැබේ.ඔබේ පුද්ගලික තොරතුරු වෙත ප්‍රවේශ වීමේ ක්‍රම, ඔබ කුමන අඩවි හෝ සේවාවන් භාවිතා කළාද යන්න මත රඳා පවතී.
Microsoft.com - Microsoft.com ප්‍රොෆයිල් සෙන්ටර් වෙත ප්‍රවේශ වීමෙන් microsoft.com මත ඇති ඔබේ පැතිකඩ වෙත ප්‍රවේශ වීම සහ යාවත්කාලීන කළ හැකිය.
Microsoft බිල්ගත කිරීම සහ ගිණුම් සේවාවන් - ඔබට Microsoft බිල්ගත කරන ගිණුමක් ඇත්නම් Microsoftබිල්ගත කරන වෙබ් අඩවිය තුළ ඇති "පුද්ගලික තොරතුරු" හෝ "බිල්ගත කරන තොරතුරු" ඈඳියන් ක්ලික් කිරීමෙන් ඔබේ තොරතුරු වලට එකතු කිරීම් කිරීම හෝ යාවත්කාලීන කිරීම් කළ හැකිය.
Microsoft සම්බන්ධ කිරීම - ඔබ Microsoft Connect හි ලියාපදිංචි වී ඇත්නම්, Microsoft කනෙක්ට් වෙබ් සයිඩ් හි ඇති ඔබේ සම්බන්ධක පැතිකඩ කළමනාකරණය කිරීම ක්ලික් කිරීමෙන් ඔබේ පෞද්ගලික තොරතුරු වෙත ප්‍රවේශ වීම සහ සංස්කරණය කළ හැකිය.
Windows Live - ඔබWindows Live සේවා භාවිතා කර ඇත. ඔබට ඔබේ පැතිකඩ තොරතුරු යාවත්කාලීන කළ හැකිය.මුරවචනය වෙනස් කළ හැකිය.ඔබේ අක්තපත්‍ර ආශ්රිත අනුපම ID ය නිරික්සන්න, හෝ Windows Live ගිණුම් සේවාවන්වෙත ප්‍රවේශ වීමෙන් නිශ්චිත සේවාවන් වසා දමන්න.
Windows Live පොදු පැතිකඩ -Windows Live හී ඔබ පබ්ලික් ප්‍රොෆයිල් එකක් නිර්මාණය කර ඇත්නම් , ඔබේ Windows Live පැතිකඩවෙත ප්‍රවේශ වීමෙන් ඔබේ පබ්ලික් ප්‍රොෆයිල් හි ඇති තොරතුරු සංස්කරණය හෝ මකා දැමීම කළ හැකිය.
ඇඩ්වර්ටයිසින් සෙවීම - Microsoft ප්‍රචාරණයක් හරහා ඔබ සෙවුම් ප්‍රචාරණයක් මිලදී ගතහොත්, ඔබට Microsoft adCenter වෙබ් අඩවියේ සිට ඔබේ පෞද්ගලික තොරතුරු සමාලෝචනය සහ සංස්කරණය කළ හැකිය.
Microsoft පාට්නර් ප්‍රෝග්‍රෑම්ස් - ඔබ Microsoft පාට්නර් ප්‍රෝග්‍රෑම්ස් සමඟ ලියාපදිංචි වී ඇත්නම්, පාට්නර් ප්‍රෝග්‍රෑම්ස් වෙබ් සයිට් හි සිට ඔබේ ගිණුම කළමනාකරණය ක්ලික් කිරීමෙන් ඔබට ඔබේ පැතිකඩ සමාලෝචනය සහ සංස්කරණය කළ හැකිය ඔබේ ගිණුම කළමනාකරණය කරන්න.
Xbox - ඔබ Xbox Live හෝ Xbox.com භාවිතා කරන්නේ නම්, මගේ Xbox වෙත ප්‍රවේශ වීමෙන් ඔබේ බිල්ගත කිරීම් සහ ගිණුම් තොරතුරු ,පෞද්ගලිකත්ව සෙටින්ග්ස්, ඹන්ලයින් ආරක්ෂාව,මනාප ආකාරයට දත්ත හුවමාරු කර ගැනීම වැනි ඔබේ පෞද්ගලික තොරතුරු නිරික්සීම හෝ සංස්කරණය කළ හැකිය ගිණුම් තොරතුරු සඳහා Xbox360 පාලන පුවරුවේ හෝ Xbox.com වෙබ් සයිට් හි මගේ Xbox ගිණුම් තෝරන්න. ගිණුම් තොරතුරු සඳහා මගේ Xbox, ගිණුම් තෝරන්න. වෙනත් පුද්ගලික තොරතුරු සැකසීම සඳහා මගේ Xbox පැතිකඩ තෝරා ඉන්පසු මාර්ගගත ආරක්ෂිත සැකසුම් තොරන්න.
Zune - ඔබට Zune ගිණුමක් හෝ Zune Pass දායකත්වයක් ඇත්නම්, Zune.net හී ඇති ඔබේ පුද්ගලික තොරතුරු නිරික්සීම හෝ සංස්කරණය කළ හැකිය (ඇතුල් වන්න,ඉන්පසු මාගේ ගිණුම හෝ Zune සොෆ්ට් වෙයාර් තුළින් ඔබේ Zune ටැග් වෙත ප්‍රවේශ වන්න. ඔබේ Zune සම්බන්ධකයට ප්‍රවේශ වන්න.ඉන්පසු Zune.net ප්‍රොෆයිල් තෝරන්න).
ඉහත සඳහන් කළ ඈදුම් හරහා Microsoft අඩවි මඟින් රැස්කරගත් පුද්ගලික දත්ත වලට ප්‍රවේශ වීමට නොහැකි වුනොත්, පහත සඳහන් අඩවි සහ සේවාවන් මඟින් ඔබේ දත්ත වලට ප්‍රවේශ වීමේ විකල්පයක් සලසා දෙනු ලබයි. ඔබට වෙබ් ෆෝම්භාවිතා කර Microsoft සම්බන්ධ කරගත හැකිය. ඔබේ පුද්ගලික තොරතුරු වෙත ප්‍රවේශ වීම හෝ මකා දැමීමේ ඉල්ලීමට අපි දින 30 ක් ඇතුළතදී ප්‍රතිචාර දක්වනු ලබයි.
Microsoft අඩවියක් හෝ සේවාවක් වයස් තොරතුරු රැස් කරන විට, එය වයස අවු 13න් පහළ භාවිතා කරන්නන් අවහිර කරන අතර, ළමයින්ට එය භාවිතා කිරීමට පෙර දෙමව්පියන්ගෙන් හෝ භාරකරුගෙන් අවසර ගනු ලැබේ.
අවසරය ලැබීමෙන් පසු වෙනත් ගිණුම් හා සමානම ළමයා ගේ ගිණුමටත් සැලකීම ලැබෙන අතර, වෙනත් භාවිතා කරන්නන් සමඟ සන්නිවේදනය කිරීමටද සැලසේ.
දෙමව්පියන්ට මෙම පෞද්ගලිකත්ව ප්‍රකාශයේ සඳහන් ඇති අනුමැතිය වෙනස් කිරීම හෝ අවලංගු කිරීම කළ හැකිය.
Microsoft අඩවියක් හෝ සේවාවක් වයස් තොරතුරු රැස් කරන විට, එය වයස අවු 13 න් පහළ භාවිතා කරන්නන් අවහිර කරන අතර, ළමයින්ට එය භාවිතා කිරීමට පෙර දෙමව්පියන්ගෙන් හෝ භාරකරුගෙන් අවසර ගනු ලැබේ. අපේ සේවාව සැපයීමට අවශ්‍ය සාධාරණ තොරතුරු වලට අමතරව අපි දැනුවත්ව කිසිදු තොරතුරක් සැපයීමට,වයස අවුරුදු 13 න් පහළ ළමයෙකුගෙන් අසනු නොලැබේ.
අවසරය ලැබීමෙන් පසු වෙනත් ගිණුම් හා සමානම ළමයා ගේ ගිණුමටත් සැලකීම ලැබේ. ළමයෙකුට විද්‍යුත් තැපැල්, ක්ෂණික පණිවුඩ සහ මාර්ගගත පණිවුඩ මණ්ඩල වැනි සන්නිවේදන සේවාවන් වෙත ප්‍රවේශ විය හැකිය, තවද වෙනත් සියළුම වයස් කාණ්ඩ වල භාවිතා කරන්නන් සමඟ සන්නිවේදනය කළ හැකිය.
දෙමපියන්ට, තමන් පෙර ලබා දී තිබුණ අනුමැති වරණයන් වෙනස් කිරීමට හෝ අවලංගු කළ හැකි අතර සහ සමාලෝචනය,සංස්කරණය හෝ තමන්ගේ ළමයින්ගේ පුද්ගලික තොරතුරු මකා දැමීමට ඉල්ලා සිටිය හැකිය. උදාහරණයක් ලෙස Windows Live හි ඒ අයගේ ගිණුම් වෙත දෙමව්පියන්ට ප්‍රවේශ විය හැකි අතර "දෙමාපිය අවසරය" ක්ලික් කළ හැකිය.
Microsoft අඩවි වල ඇති මාර්ගගත දැන්වීම් බොහෝමයක් Microsoft ඇඩ්වර්ටයිසින් මඟින් විදහා දක්වනු ලබයි. අපි මාර්ගගත දැන්වීමක් ඔබට විදහා දක්වන විට ,අපි දැන්වීමක් විදහා දක්වන සෑම අවස්ථාවකම ඔබේ පරිගණකය නොනැසී පවත්නා කුකීස් එකක් හෝ දෙකක් තැන්පත් කරනු ලැබේ. කාලය තුළම, අපි වෙළඳ ප්‍රචාර සේවා සපයන අඩවි තුළින් තොරතුරු රැස් කරනු ඇති අතර, වඩාත් අදාළ දැන්වීම් සැපයීම සඳහා එම තොරතුරු භාවිතා කරනු ලබයි.
අපේ ඉවත් වීමේ වෙබ් පිටුවට පැම්ණීමෙන් Microsoft වෙළඳ ප්‍රචාරණය මඟින් නිකුත් කරන ඉලක්ක කර ගත් දැන්වීම් ලැබීමෙන් ඉවත් විය හැකිය.
අපේ වෙබ් සයිට් බොහෝමයක් සහ මාර්ගගත සේවාවන් දැන්වීම් වලින් අනුග්‍රහකත්වය ලබයි.
Microsoft අඩවි වල ඇති මාර්ගගත දැන්වීම් බොහෝමයක් Microsoft ඇඩ්වර්ටයිසින් මඟින් විදහා දක්වනු ලබයි. අපි මාර්ගගත දැන්වීමක් ඔබට විදහා දක්වන විට, අපි දැන්වීමක් විදහා දක්වන සෑම අවස්ථාවකම ඔබේ පරිගණකය නොනැසී පවත්නා කුකීස් එකක් හෝ දෙකක් තැන්පත් කරනු ලැබේ. අපි අපේම වෙබ් සයිට්ස් සහ අපේ වෙළඳ ප්‍රචාර සහ ප්රචාරක කොටස්කරුවන් තුළඳ වෙළඳ දැන්වීම් සපයන බැවින් කාලය පුරාවටම,පිටු මාදිලි පිළිබඳ, අන්තර්ගතයන් සහ ඔබ එකතු කළ දෑ,හෝ ඔබේ පරිගණකය භාවිතා කරන්නන්, බැහැ දැකීම හෝ නිරීක්ෂණය කරන අයගේ තොරතුරු සම්පාදනය කිරීමට අපට හැකිය. මෙම තොරතුරු කාර්යයන් කිහිපයක් සඳහා යොදා ගනී.උදාහරණයක් ලෙස,එකම වෙළඳ දැන්වීම ඔබට කිහිප වරක් නොපෙන්වා සිටීම අපට තහවුරු කිරීමට සහය වේ. තවද අපි මෙම තොරතුරු ඔබට ප්‍රියජනක යැයි සිතිය හැකි බව ඉලක්ක කර ගත් දැන්වීම් විදහා දැක්වීමට සහ තේරීමට උපකාර කර ගනී.
අපේ ඉවත් වීමේ වෙබ් පිටුවට පැම්ණීමෙන් Microsoft වෙළඳ ප්‍රචාරණය මඟින් නිකුත් කරන ඉලක්ක කර ගත් දැන්වීම් ලැබීමෙන් ඉවත් විය හැකිය. Microsoft ඇඩ්වර්ටයිසින් තොරතුරු කලෙක්ට් කරන ආකාරය පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර, Microsoft අලෙවි ප්රචාරණයේ පෞද්ගලිකත්ව ප්රකාශයබලන්න.
තවද අපි අපේ අඩවි වල වෙළඳ දැන්වීම් විදහා දැක්වීම සඳහා තෙවන පාර්ශව දැන්වීම් සමාගම් වලට ඉඩ සලස්වනු ලැබේ. සමහර අවස්ථාවලදි, මෙම තෙවන පාර්ශව සමාගම්ද ඔබේ පරිගණකය මත කුකීස් තැන්පත් කරනු ලැබේ. වර්තමානයේ මෙම සමාගම් අතුළත් වන නමුත් පහත සඳහන් ඒවාට පමණක් සීමා නොවේ: 24/7 Real Media, adblade, AdConion, AdFusion, Advertising.com, AppNexus, Bane Media, Brand.net, CasaleMedia, Collective Media, InMobi, Interclick, Jumptap, Millennial Media, Nugg.ad AG, Mobclix, Mojiva, SpecificMedia, Tribal Fusion, ValueClick, Where.com, Yahoo!, YuMe, Zumobi.මෙම සමාගම් මඟින් ඒ අයගේ කුකීස් පදනම් කරගත් ඉලක්කගත දැන්වීම් වලින් ඉවත් වීමට ක්‍රමයක් ඉදිරිපත් කරයි. ඉහත සඳහන් සමාගම් වල නම ක්ලික් කර, සෑම් සමාගමකම වෙබ් අඩවි වලට ඇති ඈදියන් අනුගමනය කිරීමෙන් ඔබට වැඩිදුර තොරතුරු ලබාගත හැකිය. බොහෝමයක් ඒවා නෙට්වර්ක් ඇඩ්වර්ටයිසින් ඉනීෂියේටිව් හෝ ඩිජිටල් ඇඩ්වර්ටයිසින් ඇලියන්ස්, හි සාමාජිකයන්ය, ඒ සෑම එකකින්ම සමාගම්වලට සහභාගී වීම තුළින් දැන්වීම් ඉලක්ක කර ගැනීමෙන් ඉවත් වීමට සරල ක්‍රමයක් සපයයි.
ඔබට ලැබෙන විද්‍යුත් තැපැල් ලිපිනයේ ඇති සුවිශේෂී උපදෙස් අනුගමනය කරමින් Microsoftඅඩවි සහ සේවාවන්ගෙන් ඔබට ලැබෙන අනාග ප්‍රවර්ධන විද්‍යුත් තැපැල් නැවත්විය හැකිය. අදාළ සේවාව මත, පහත පිටු වලට ඇතුල් වීමෙන් සහ බැහැදැකීමෙන් ඔබට ප්‍රවර්ධන විද්‍යුත් තැපැල්, දුරකථන ඇමතුම්, සුවිශේෂී Microsoft sites හෝ සේවාවන්ගෙන් ලැබෙන තැපැල් ලිපි කලින්ම තෝරා ගැනීමට ඔබට විකල්පයක් ඇත.
ඔබට අපෙන් ප්‍රවර්ධන විද්‍යුත් තැපැල් ලැබුණහොත් සහ අනාගතයේදී ඔබට ඒවා ලැබීම වැළැක්වීමට අවශ්‍ය නම්, එම පණිවුඩයේ ඇති නියෝගයන් අනුගමනය කර එය සිදුකළ හැකිය.
අදාළ සේවාව මත, පහත පිටු වලට ඇතුල් වීමෙන් සහ බැහැදැකීමෙන් ඔබට ප්‍රවර්ධන විද්‍යුත් තැපැල්, දුරකථන ඇමතුම්, සුවිශේෂී Microsoft අඩවියන්ගෙන් හෝ සේවාවන්ගෙන් ලැබෙන තැපැල් ලිපි කලින්ම තෝරා ගැනීමට ඔබට විකල්පයක් ඇත.
මෙම තෝරා ගැනීම්,මාර්ගගත දැන්වීම් විදහා දැක්වීමේ නොයෙදේ: මෙම කරුණ සම්බන්ධ තොරතුරු සදහා "දැන්වීම් විදහා දැක්වීම් අංශයේ (ඔප්ට් අවුට්)" බලන්න. සමහර Microsoft සේවාවන් වල කොටසක් ලෙසඅනිවාර්ය සන්නිවේදන සේවාවන් ලැබීම් වලද මේවා නොයෙදේ.එම සේවාව අවලංගු කරන තුරු කලින් කල ඔබට ප්‍රවර්ධන ලිපි ලැබේ.
ඔබ ස්ථානය පදනම් කරගත් සේවාවන් හෝ විශේෂාංග භාවිතා කරන විට, එවිට පවතින ජංගම දුරකතන කුළුණු දත්ත , Wi- Fi දත්ත, සහ ගෝලීය පිහිටුම් පද්ධති (GPS) දත්ත Microsoft වෙත යවනු ඇත. ඔබ අයදුම් කරන සේවාවන් සැපයීමට,ඔබේ අත්දැකීම් පුද්ගලිකකරණය කිරීමට සහ Microsoft නිෂ්පාදන සහ සේවාවන් නංවාලීම සඳහා Microsoft විසින්, පිහිටි ස්ථානය පිළිබඳ තොරතුරු භාවිතා කරයි.
පිහිටි ස්ථානයේ තොරතුරු Microsoft වෙත හෝ අන් අයට ලබා ගැනීමට සලස්වා තිබීමෙන් ඔබට සමහර සේවාවන් පාලනය කිරීමට අවසර දෙනු ඇත. සමහර අවස්ථාවලදී, පිහිටි ස්ථානය පිළිබඳ තොරතුරු, සේවාවන්ට සහ විශේෂාංගයන් අස්ථාපනය කිරීමට අතවශ්‍ය වන අතර හෝ පිහිටි ස්ථානය පිළිබඳ තොරතුරු යැවීම වැලැක්වීම සඳහා සේවාවන් අතහිටුවීම සඳහාද එම තොරතුරු අත්‍යාවශ්‍ය වේ. පිහිටි ස්ථානය පිළිබඳ විශේෂාංග ඉවත් කිරීම සඳහා ඔබේ උපාංගය සමඟ ලැබුන ප්රෙල්ඛනය බලන්න.
පහත දැක්වෙන ආකාරයේ අවස්ථා ඇතුළුව ආධාරක අවස්ථාවලට සම්බන්ධ දෘඪාංග, මෘදුකාංග, සහ වෙනත් විස්තර ඇතුළුව ස්වයංක්‍රීය දෝෂහරණයන්: සබඳතා හෝ සහතිකකරණ තොරතුරු, පිළිසඳර සැසි පුද්ගලීකරණය, දෝෂය ඇති අවස්ථාවේ සිට හඳුනා ගැනීමේ අවස්ථාව දක්වා යන්ත්‍රයේ සහ යෙදුමේ තත්ත්වය පිළිබඳ තොරතුරු, මෘදුකාංග සවි කිරීම් සහ දෘඞාංග වින්‍යාසකරණය පිළිබඳ පද්ධති සහ ලලියාපදිංචි දත්ත, සහ වැරදි හඳුනා ගැනීමේ ගොනු. මෙම රහස්‍යතා ප්රකාශනයේ විස්තර කර ඇති පරිදි අපි ආධාරක දත්ත භාවිතා කරන අතර, ඊට අමතරව ඔබේ ආධාරක අවස්ථා විසඳීමට සහ පුහුණු කටයුතු සඳහා ඒවා යොදා ගනිමු.
සහාය දුරකථන, ඊමේල්, හෝ අන්තර්ජාල පිළිසඳර ආකාරයෙන් ලබා දිය හැකිය. ඔබේ ඩෙස්ක්ටොප් පරිගණකය වෙත තාවකාලිකව පිවිසීම සඳහා, ඔබේ අවසරය ඇතිව, අපි දුරස්ථ ප්‍රවේශය (RA) භාවිතා කරමු. ආධාරක වෘත්තිකයින් විසින් පටිගත කිරීම සහ/හෝ අධීක්ෂණය සිදු කරමින් වන දුරකථන සංවාද, අන්තර්ජාලගත පිළිසඳර සේවා,හෝ දුරස්ථ ප්‍රවේශ. RA සඳහා, ඔබේ සැසිය අවසන් කිරීමෙන් පසුව ඔබට පටිගත කිරීම් වෙත පිවිසීමටද හැකි වනු ඇත. අන්තර්ජාලමය පිළිසඳර හෝ RA සඳහා, ඔබගේ කැමැත්ත පරිදි ඕනෑම අවස්ථාවක ඔබට සැසියක් අවසන් කිරීමට පුළුවන.
ආධරක සිද්ධියකට පසුව, ඔබේ අත්දැකීම් සහ දීමනා සම්බන්ධයෙන් අප විසින් ඔබ වෙත සමීක්ෂණයක් එවීමට ඉඩ තිබේ. උපකාර අංශය වෙත සම්බන්ධ වීමෙන් හෝ ඊමේල් අධෝලිපිය භාවිතා කරමින්, ඔබට Microsoft විසින් සපයනු ලබන අනෙකුත් සන්නිවේදනයන් වෙතින් උපකාරක සමීක්ෂණ වෙනමම ලබා ගැනීමට කැමැත්ත පළ කළ හැකිය.
අපගේ ආධාරක සේවාව හරහා එකතු කෙරෙන පුද්ගලික තොරතරු සමාලෝචනය සහ සංස්කරණය කිරීමට, කරුණාකර අපගේ වෙබ් ආකෘතිපත්‍රය භාවිතා කර අප හා සම්බන්ධ වන්න.
සමහර ව්‍යාපාරික ගනුදෙනුකරුවන් විසින් ප්‍රවර්ධිත ආධාරක දීමනා (උදා. වාරික ආදී) මිලදී ගැනීමට පුළුවන. මෙම දීමනාවන් ඔවුන්ගේ කොන්ත්‍රාත් නියමයන් සහ නිවේදන මඟින් ආවරණය වේ.
ඔබ මාර්ගගත මිලදීගැනීමක් සිදුකරන විට ගෙවීම් දත්ත තොරතුරු ලෙස සපයනු ලැබේ. මෙයට ඔබේ ගෙවීම් උපකරණයේ අංකය (e.g., ණයවරපත්,පේපෑල් අංකය), ඔබේ නම සහ බිලේ ඇති ලිපිනය,ඔබේ ගෙවීම් උපකරණයට අදාල ආරක්ෂක කේතාංකය ඇතුළත් වේ. (e.g., the CSV හෝ CVV). මෙම අංශයෙන් ,ඔබේ ගෙවීම් තොරතුරු රැස්කිරීම සහ භාවිතා කිරීම සම්බන්ධ අතිරේක තොරතුරු ලබාදේ.
ඔබ මාර්ගගත මිලදී ගැනීමක් සිදුකරන විට තොරතුරු ලෙස ගෙවීම් දත්ත සපයනු ලැබේ. මෙයට ඔබේ ගෙවීම් උපකරණයේ අංකය (e.g., ණයවරපත්,පේපෑල් අංකය), ඔබේ නම සහ බිලේ ඇති ලිපිනය,ඔබේ ගෙවීම් උපකරණයට අදාල ආරක්ෂක කේතාංකය ඇතුළත් වේ. (e.g., the CSV හෝ CVV). මෙම අංශයෙන් ,ඔබේ ගෙවීම් තොරතුරු රැස්කිරීම සහ භාවිතා කිරීම සම්බන්ධ අතිරේක තොරතුරු ලබාදේ.
ඔබේ ගණුදෙණු සම්පූර්ණ කිරීමට,මෙන්ම ප්‍රෝඩාවන් හඳුනාගැනීමට සහ වලක්වාගැනීම සඳහාද ගෙවීම් දත්ත භාවිතා කරනු ලැබේ. මේවා භාවිතා කිරීමේ පහසුව සඳහා සහ ප්‍රෝඩාවන් වැලැක්වීමට සහ මුදල් තත්වයේ අවදානම අවම කිරීම සඳහා Microsoft විසින් ඔබේ ගෙවීම් දත්ත බැංකු සමඟ සහ ගෙවීම් ගණුදෙනු සිදුකරන චෙක්පත් සමඟ හෝ වෙනත් මූල්‍ය සේවාවන් සමඟ හුවමාරු කරගනී.
ඔබ Microsoft හෝ සංවිධානාත්මක ගිණුමක් සමඟ පිවිස ඇති විට ඔබ සපයන ගවීම් දත්ත ,අපි ගබඩා කර තබාගන්නා අතර ඒවා ඔබ අනාගතයේදී ගණුදෙනු කිරීමට අවශ්‍ය වනවිට අපි නැවත ලබාදේ.
ඔබට https://commerce.microsoft.com. යන වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ඔබේ Microsoft ගිණුම හා සම්බන්ධ වී ඇති ගෙවීම් උපකරණ(ලේඛන)වල තොරතුරු යාවත්කාලීන කිරීම හෝ ඉවත් කළ හැකිය. ඔබට පාරිභෝගික උපකාරක.යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබේ සංවිධානාත්මක ගිණුමට සම්බන්ධ ගෙවීම් උපකරණ වල තොරතුරු ඉවත් කළ හැකිය. ඔබ ගිණුමක් වසාදැමුව හොත් හෝ ගෙවීම් ලේඛන ඉවත් කළහොත්,කෙසේහෝ,ඔබේ ගණුදෙනුව සම්පූර්ණ කිරීම සඳහා , Microsoft හි නීති සහ පැමිණිලි කිරීමේ අවශ්‍යතා සඳහා අනුකූල වීම පිණිස සහ ප්‍රෝඩාවන් හඳුනාගැනීමට සහ වැලැක්වීම සඳහා Microsoft ඔබේ ගෙවීම් ලේඛන තොරතුරු හැකිතාක් කල් රඳවා තබාගනු ලැබේ.
ඔබට (පෙර Windows Live අයි ඩී සහ Microsoft Passport ) ලෙස හැඳින්වූ Microsoft ගිණුම, Microsoft නිෂ්පාදන , වෙබ් අඩවි සහ සේවාවන්ට සහ Microsoft පාර්ට්නර්ස් වෙතම ප්‍රවේශ වීමට ඉඩ සලස්වයි. ඔබ Microsoft ගිණුමක් නිර්මාණය කරන විට , අපි ඔබට යම්කිසි තොරතුරු කිහිපයක් සපයන ලෙස ඉල්ලයි. ඔබ ඔබේ Microsoft ගිණුම භාවිතා කරන අඩවියකට හෝ සේවාවකට ඇතුල් වන විට, අඩවිය හෝ සේවාව වෙනුවෙන් ඔබේ අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා , ඔබව දුෂ්ට ගිණුම් භාවිතයන්ගෙන් ආරක්ෂා කිරීමට සහ Microsoft ගිණුම් සේවාවේ කාර්යක්ෂමතාවය සහ ආරක්ෂාව සුරැකීමට අපි තොරතුරු කිහිපයක් රැස් කරයි. තවද අපට ඔබ Microsoft ගිණුමක් සමඟ පිවිස ඇති අඩවියකට හෝ සේවාවකට කිසියම් තොරතුරු කිහිපයක් යවනු ලබයි.
Microsoft ගිණුම පිළිබඳ අතිරේක තොරතුරු වන Microsoft ගිණුමක් නිර්මාණය කරන්නේ සහ භාවිතා කරන්නේ කෙසේද? සහ අපි Microsoft ගිණුමකට සම්බන්ධ තොරතුරු රැස් කරන්නේ කෙසේද යන්න ගැන දැනගැනීම සඳහා කරුණාකර Learn More ( ලර්න් මෝ) ක්ලික් කරන්න.
ඔබට (පෙර Windows Live අයි ඩී සහ Microsoft Passport ) ලෙස හැඳින්වූ Microsoft ගිණුම, Microsoft නිෂ්පාදන , වෙබ් අඩවි සහ සේවාවන්ට සහ Microsoft පාර්ට්නර්ස් වෙතම ප්‍රවේශ වීමට ඉඩ සලස්වයි. පහත සඳහන් ලෙස මෙයට නිශ්පාදන, වෙබ් අඩවි සහ සේවාවන් ඇතුලත් වේ:
Microsoft ගිණුමක් නිර්මාණය කිරීම.
ඔබටමෙහි විද්‍යුත් තැපැල් ලිපිනයක්, මුරවචනයක් සහ වෙනත් "ගිණුම් සාධකයන්" වන අතිරේක විද්‍යුත් තැපැල් ලිපිනයක්, දුරකථන අංකයක්, සහ ප්‍රශ්නයක් සහ රහස්‍ය පිළිතුරක් සැපයීමෙන් Microsoft ගිණුමක් නිර්මාණය කළ හැකිය. අපි ඔබේ " ගිණුම් සාධකයන්" ආරක්ෂක අවශ්‍යතා සඳහා පමණක් භාවිතා කරනු ලැබේ. උදා: ලෙස ඔබට ඔබේ Microsoft ගිණුමට ප්‍රවේශ වීමට නොහැකි අවස්ථාවක එය හඳුනාගෙන උපකාරයක් අවශ්‍ය විටදී ,හෝ ඔබේ Microsoft ගිණුම සම්බන්ධව ඇති විද්‍යුත් තැපැල් ලිපිනයට ප්‍රවේශ වීමට නොහැකි විට මුරවචනය නැවත සකස් කිරීමට අවශ්‍ය වූ විට එම ගිණුම් සාධකයන් භාවිතා කරනු ලැබේ. සමහර සේවාවන්ට අතිරේක ආරක්ෂාවක් අවශ්‍ය වනු ඇත. එවැනි අවස්ථාවන්හිදී අතිරේක ආරක්ෂිත යතුරක් නිර්මාණය කිරීමට ඔබෙන් ඉල්ලා සිටිනු ඇත. ඔබ ඔබේ Microsoft ගිණුමට ප්‍රවේශ වීම සඳහා භාවිතා කරන විද්‍යුත් තැපැල් ලිපිනය සහ මුරවචනය ඔබේ " අක්තපත්‍ර" ලෙස සැලකෙන අතර, අපේ ජාලය සමඟ සත්‍යතාවයක් පවත්වා ගැනීමට භාවිතා කරයි. තවද, 64 බිට් අනුපම අයි ඩී අංකයක් ඹබේ අක්තපත්‍ර වලට පවරා ඇති අතර ඒවා ඹබේ අක්තපත්‍ර සහ සම්බන්ධ තොරතුතරු හඳුනාගැනීමට භාවිතා කරයි.
ඔබ Microsoft ගිණුමක් නිර්මාණය කරන විට, අපි පහත සඳහන් ජන විකාස තොරතුරු සැපයීමටද පවසනු ඇත: ලිංගභේදය; රට ; උපන් දිනය සහ තැපැල් කේතාංකය. අපි, මෙරට නීතියට අනුව ළමයෙක් Microsoft ගිණුමක් භාවිතා කිරීමට නියමිත අවසරය දෙමාපියන්ගෙන් හෝ භාරකරුගෙන් ලබාගෙන තිබේදැයි තහවුරු කිරීම සඳහා උපන් දිනය භාවිතා කරනු ඇත. ඊට අමතරව, අපි මෙම ජනවිකාශ තොරතුරු, ඔබට ප්‍රයෝජනවත් වේ යැයි සිතන නිෂ්පාදන සහ සේවාවන් පිළිබඳ පුද්ගලික වූ දැන්වීම් ලබාදීම සඳහා අපේ මාර්ගගත වෙළඳ ප්‍රචාරන පද්ධතිය මඟින් භාවිතා කරනු ලැබේ. නමුත් අපේ වෙළඳ ප්‍රචාරණ පද්ධතිය ඔබේ නම හෝ සම්බන්ධ කරගත හැකි තොරතුරු කිසිවිටකත් ලබානොගනී. වෙනත් ආකාරයකට පවසනවා නම්, අපේ වෙළඳ ප්‍රචාරණ පද්ධතිය තුළ , ඔබව පෞද්ගලිකව සහ සෘජුව හඳුනාගත හැකි ආකාරයේ කිසිදු තොරතුරක් අන්තර්ගත වීම හෝ භාවිතා කිරීම සිදු නොකරයි. (ඔබේ නම, විද්‍යුත් තැපැල් ලිපිනය, සහ දුරකථන අංකය වැනි). පුද්ගලිකකරණය වූ දැන්වීම් ඔබ නොලබා ගන්නට කැමති නම්, මෙම පිටුවට පිවිසීමෙන් ඔබේ Microsoft ගිණුම සමඟ ඔබේ මනාපයන් ලියාපදිංචි කළ හැකි අතර , එමඟින්, ඔබ Microsoft ගිණුමක් සමඟ ඇති වෙබ් අඩවියකට හෝ සේවාවකට පිවිසෙන ඕනෑම විටකදී, අපේ වෙළඳ ප්‍රචාරණ පද්ධතිය පුද්ගලිකකරණය වූ දැන්වීම් කිසිම විටෙක ඔබට ලබා නොදේ. Microsoft වෙළඳ ප්‍රචාරණ තොරතුරු රැස් කරන ආකාරය පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර,Microsoftඅලෙවි ප්රචාරණයේ පෞද්ගලිකත්ව ප්‍රකාශය බලන්න.
ඔබ Microsoft ගිණුමකට ප්‍රවේශ වීමේදී ඔබට Microsoft විසින් සපයා ඇති විද්‍යුත් තැපැල් ලිපිනයක් (live.com, hotmail.com හෝ msn.com වැනි) හෝ තෙවන පාර්ශවයක් විසින් සපයා ඇති විද්‍යුත් තැපැල් ලිපිනයන් (gmail.com හෝ yahoo.com වැනි දෙයකින් අවසන් වන) භාවිතා කළ හැකිය.
Microsoft ගිණුමක් නිර්මාණය කිරිම මත, ඔබේ Microsoft ගිණුමට සම්බන්ධ විද්‍යුත් තැපැල් ලිපිනයේ හිමිකරු ඔබ බව තහවුරු කරගැනූම සඳහා අපි ඔබට විද්‍යුත් තැපැල් ලිපිනයක් එවනු ලැබේ. මෙම ක්‍රියාවලිය සැලසුම් කර ඇත්තේ විද්‍යුත් තැපැල් ලිපිනය වලංගුතාවය තහවුරු කිරීමට සහ හිමිකරුවන්ගේ අවසරයකින් තොරව විද්‍යුත් තැපැල් ලිපිනය භාවිතා කිරීම වැළැක්වීම සඳහාය. ඉන්පසු, ඔබේ Microsoft නිෂ්පාදන සහ සේවාවන් භාවිතා කිරීම සම්බන්ධව තොරතුරු ඔබට එවීම සඳහා අපි එම විද්‍යුත් තැපැල් ලිපිනය භාවිතා කරනු ලැබේ; තවද අපි ඔබට දේශීය නීතියෙන් අවසර ලැබී ඇති ආකාරයට Microsoft නිෂ්පාදන සහ සේවාවන් ගැන ප්‍රවර්ධන ලිපිද එවනු ලැබේ. ඔබේ ප්‍රවර්ධන සන්නිවේදන ලැබීම් කළමනාකරණය කිරීම පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර සන්නිවේදනයන්වෙත පිවිසෙන්න.
ඔබ Microsoft ගිණුමක් සඳහා ලියාපදිංචි වීමට උත්සහ කළ විට, වෙනත් පුද්ගලයෙකු භාවිත නාමය ලෙස ඔබේ විද්‍යුත් තැපැල් ලිපිනය සමඟ අක්තපත්‍ර නිර්මාණය කර තිබුණ බව හඳුනාගත හොත්, ඔබ අපව සම්බන්ධ කරගෙන වෙනත් පුද්ගලයෙකු වෙනත් භාවිතා නාමයක් යොදාගෙන ඇති බව පවසන්න. එවිට ඔබට ඔබේ අක්තපත්‍ර නිර්මාණය කිරීමේදී ඔබේ විද්‍යුත් තැපැල් ලිපිනය භාවිතා කළ හැකිය.
ඔබේ Microsoft ගිණුම සමඟ මෘදුකාංග, අඩවි හෝ සේවාවන් වෙත පිවිසීම.
ඔබ, ඔබේ Microsoft ගිණුම භාවිතා කරන අඩවියකට හෝ සේවාවකට පිවිසීමේදී, එම අඩවිය හෝ සේවාව වෙනුවෙන් ඔබේ අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා , ඔබව දුෂ්ට ගිණුම් භාවිතයන්ගෙන් ආරක්ෂා කිරීමට සහ Microsoft ගිණුම් සේවාවේ කාර්යක්ෂමතාවය සහ ආරක්ෂාව සුරැකීමට අපි තොරතුරු කිහිපයක් රැස්කරයි. උදාහරණයක් ලෙස ඔබ, Microsoft ගිණුම් සේවාවකට සම්බන්ධ වීමේදී, ඔබේ අක්තපත්‍ර වෙත පවරා ඇති 64 බිට් අනුපම අයි.ඩී අංකය, ඔබේ ලිපිනය , ඔබේ වෙබ් බ්‍රව්සර් වර්ගය සහ වේලාව සහ දිනය යන ඔබේ අක්තපත්‍ර සහ වෙනත් තොරතුරු ලබාගැනීම හෝ ඒ වෙත සම්බන්ධ වීම වනු ඇත. තවද, ඔබ උපාංගයකට හෝ උපාංගයකට ස්ථාපනය කර ඇති මෘදුකාංගයකට ප්‍රවේශ වීමට Microsoft ගිණුමක් භාවිතා කරනවානම්, සසම්භාවී අනුපම අයි ඩී එකක් උපාංගයට පවරන අතර; ඔබ පසුව Microsoft ගිණුමක් සහිත අඩවියකට හෝ සේවාවකට ඇතුල් වීමේදී මෙම සසම්භාවී අනුපම අයි ඩී අංකය ඔබේ අක්තපත්‍ර වල අංගයක් ලෙස Microsoft ගිණුම් සේවාවට යවනු ලැබේ. Microsoft ගිණුම් සේවය ඔබ පිවිස ඇති අඩවි හෝ සේවාවන් වෙත පහත සඳහන් තොරතුරු යවනු ලැබේ. අනුපමේය අයි ඩී අංකය, ඔබ එක් වාරයක සිට තව වාරයකට පිවිසීමේදී අඩවියට හෝ සේවාවට ඔබමද කියා හඳුනා ගැනීමට අවසර දෙනු ලැබේ; තවද එම අංකයෙන් ඔබේ ගිණුමට පවරා ඇති අනුවාද අංකය ( ඔබ පිවිසුම් තොරතුරු වෙනස් කරන වාරයක් පාසාම නව අංකයක් පවරනු ලැබේ.) ; ඔබේ විද්‍යුත් තැපැල් ලිපිනය තහවුරු කර ඇත්ද කියා; සහ ඔබේ ගිණුම නිශ්ක්‍රීය කර ඇත්ද කියා බලනු ලැබේ.
සමහර තෙවන පාර්ශව අඩවි සහ සේවාවන්, ඔබේ Microsoft ගිණුම සමඟ පිවිසීමට අවසර දෙන අතර, ඒ අයගේ සේවය සැපයීම පිණිස ඔබේ විද්‍යුත් තැපැල් ලිපිනය අවශ්‍ය වනු ඇත. එවැනි අවස්ථාවලදී, ඔබ අඩවියට හෝ සේවයට පිවිසෙන විට Microsoft විසින් ඔබේ විද්‍යුත් තැපැල් ලිපිනය සපයනු අතර ඔබේ මුර වචනය ලබා නොදේ. කෙසේ හෝ, ඔබ අඩවියක් හෝ සේවාවක් සමඟ අක්තපත්‍ර නිර්මාණය කළ පසු, ඔබට මුරවචනය නැවත සකස් කිරීමට හෝ වෙනත් උපකාරි සේවාවන් සැපයීම පිණිස, ඔබේ අක්තපත්‍ර සමඟ ඇති තොරතුරු වෙත ප්‍රවේශ වීමට ඇති ඉඩකඩ අල්පය.
ඔබේ ගිණුම, පාසලක්, ව්‍යාපාරයක්, අන්තර්ජාල සේවා සපයන්නෙකුගෙන්, හෝ වසමක් හසුරුවන පරිපාලකයෙකුගෙන් වැනි තෙවන පාර්ශවයකින් ලැබුණි නම්, එම තෙවන පාර්ශවයට ඔබේ මුරවචනය නැවත සකස් කිරීමට, ඔබේ ගිණුම් භාවිතයන් හෝ පැතිකඩ දත්ත බැලීම, ඔබේ ගිණුමේ අන්තර්ගතයන් කියවීම හෝ ගබඩා කිරීම සහ ඔබේ ගිණුම අත්හිටු වීමට හෝ අවලංගු කිරීමට අයිතිය තිබේ. මෙවැනි අවස්ථා වලදී, ඔබ එම තෙවන පාර්ශව වලින් භාවිතා කිරීමට Microsoft මයික්‍රොසොෆ්ට් සේවා ගිවිසුම සහ වෙනත් අතිරේක කොන්දේසි වලට යටත් විය යුතුය. ඔබ වසමක් හසුරුවන පරිපාලකයෙකු නම් සහ ඔබේ භාවිත කරන්නන්ට Microsoft ගිණුම් සපයා ඇතිනම්, එම ගිණුම් තුළ ඇතිවන සියළුම ක්‍රියාකාරකම් වලට ඔබ වගකිව යුතුය.
ඹබේ Microsoft ගිණුම සමඟ පිවිසීමට අවසර දෙන අඩවි සහ සේවාවන්ට ඹබේ විද්‍යුත් තැපැල් ලිපිනය හෝ ඒ අයගේ පුද්ගලිකත්ව ප්‍රකාශයේ සඳහන් ඇති ඹබගේ පුද්ගලික තොරතුරු භාවිතා කිරීමට හෝ හුවමාරු කිරීමට කළ හැකි බව සලකන්න. කෙසේ හෝ, ඒ අයට තෙවන පාර්ශවයක් සමඟ Microsoft ගිණුම් සේවයක් මඟින් සපයා ඇති අනුපම අයි ඩී අංකය හවුලේ හුවමාරු කළ හැක්කේ ඔබ ඉල්ලුම් කර ඇති සේවාවක් හෝ ගනුදෙනුවක් සපුරා ලීම සඳහා පමණි. Microsoft ගණුම් භාවිතා කරන සියලුම අඩවි සහ සේවාවක්ම පළකරන ලද පුද්ගලිකත්ව ප්‍රකාශයක් තිබීමට අවශ්‍යයයි. නමුත් අපි එම අඩවි වල පුද්ගලිකත්ව භාවිතයන් පාලනය හෝ අධීක්ෂණය කිරීම නොකරනු ඇත. තවද ඒ අයගේ පුද්ගලිකත්ව භාවිතයන් විවිධාකාරය සෑම අඩවියක්ම හෝ සේවාවක්ම ඒ අය රැස් කරන තොරතුරු කෙසේ භාවිතා කරයිද කියා තීරණය කිරීම සඳහා ඔබ ප්‍රවේශ වන සෑම අඩවියකම පුද්ගලිකත්ව ප්‍රකාශය සුපරීක්ෂාකාරීව සමාලෝචනය කළ යුතුය.
ඔබට අකවුන්ට වෙත ප්‍රවේශ වීමෙන් ඔබේ පුද්ගලික තොරතුරු වෙත පිවිසිය හැකිය. ඹබේ. Microsoft ගිණුම පාලක වසමකට අයත් නොවේ නම් ඹබට ඹබේ භාවිත නාමය වෙනස් කළ හැකිය. සෑම විටම ඔබට, ඔබේ මුරවචනය, විකල්ප විද්‍යුත් තැපැල් ලිපිනය,සහ ප්රශ්නය සහ රහස් පිළිතුර වෙනස් කළ හැකිය. තවද ඔබ ගිණුම වෙත ගොස් ඔබේ ගිණුම වැසිය හැකි අතර ඉන්පසු "ඔබේ ගිණුම වසන්න." ඉහත විස්තර කර ඇති ආකාරයට ඔබේ ගිණුම "අනුග්‍රහය දක්වන ලද වසමක" ඇත්නම් ඔබේ ගිණුම වැසීම සඳහා විශේෂ ක්‍රියාවලියක් ඇත. රහ.....කරුණාකර ඔබ MSN හෝ Windows Live භාවිතා කරන්නෙකු නම්, ඔබ ගිණුමට ගිය පසු එම අඩවි සඳහා ඔබව නැවත යොමු කරනු ලැබේ.
Microsoft ගිණුම පිළිබඳ වැඩි විස්තර Microsoft මයික්‍රෝසොෆ්ට් ගිණුම් වෙබ් අඩවියේඇත.
පිළිබඳ වැඩිදුර දැනගන්න
ඔබට වැදගත් යැයි සිතිය හැකි (හෝ නැති විය හැකි) අතිරේක පුද්ගලික තොරතුරු පහත දක්වා ඇත. මේවායින් බොහෝමයක් සුලබ භාවිතයන් ලෙස නම් කර ඇති අතර, සහ ඒ ගැන ඔබ අතිරේකව දැන ගත යුතු අතර, අපේ සෑම පුද්ගලික ප්‍රකාශයකම එය ඉස්මතු කිරීමට අවශ්‍ය නැත. මෙයින් සමහරක් උසස් ඒවා බව පෙනෙන අතර, (උදාහරණයක් ලෙස, නීතියට අවශ්‍ය වූ විට අපි තොරතුරු නිරාවරණය කරනු ලැබේ.) වුවත්, අපේ නීතීඥවරුන් ඒවා අපට ඕන ආකාරයට ප්‍රකාශ කිරීමට ඉඩහැර ඇත. කරුණාකර මෙම තොරතුරු අපේ භාවිතයන් පිළිබඳ සම්පූර්ණව විස්තර නොකරන අතරl මෙය වෙනත් ඒවාට අමතරව ඔබ භාවිතා කරන එක් එක් Microsoft නිෂ්පාදන සහ සේවාවන් සඳහා පුද්ගලිකත්ව ප්‍රකාශය තුළ සුවිශේෂී තොරතුරු අන්තර්ගත වේ.
මෙම පිටුවේ:
ඔබේ පෞද්ගලික තොරතුරු හුවමාරු කිරීම
ඔබ භාවිතා කරන නිෂ්පාදන හෝ සේවයක පුද්ගලිකත්ව ප්‍රකාශයක විස්තර කර ඇති පුද්ගලික තොරතුරු හුවමාරුවට අමතරව Microsoft ඔබේ පුද්ගලික තොරතුරු හුවමාරු කරයි හෝ අනාවරනය කරනු ඇත:
තවද අපි ඔබේ සන්නිවේදනයේ අන්තර්ගත දෑ ඇතුළත්ව පුද්ගලික තොරතුරු හුවමාරු කිරීම හෝ අනාවරණය කිරීමට සිදුවේ:
අපේ අඩවි තෙවන පාර්ශව අඩවි වලට ලින්ක් වී ඇති බව කරුණාවෙන් අවධාරණය කරන්න. තවද එම අඩවි වල පුද්ගලිකත්ව භාවිතයන් Microsoft වලට වඩා වෙනස් බවද සලකන්න. ඔබ එවැනි ඕනෑම අඩවියකට පුද්ගලික තොරතුරු සැපයුවහොත්, එම අඩවි වල ඇති පුද්ගලිකත්ව ප්‍රකාශයෙන් ඔබේ තොරතුරු පාලනය කරනු ලැබේ. ඔබ පිවිසෙන ඕනෑම අඩවියක පුද්ගලිකත්ව ප්‍රකාශය සමාලෝචනය කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
පුද්ගලික තොරතුරු වල සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීම
Microsoft ඔබේ පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට බැදී සිටී. ඔබේ පුද්ගලික තොරතුරු වෙත අනවසරයෙන් ප්‍රවේශ වීම භාවිතා කිරීම හෝ අනාවරණය කිරීම වැළැක්වීම සඳහා අපි ආරක්ෂිත තාක්ෂණයන් බොහෝමයක් සහ ක්‍රියාමාර්ග භාවිතා කරයි. උදාහරණයක් ලෙස , අපි සීමා සහිත ප්‍රවේශ වීම් තුළින් පාලිත පහසුකම් හී පිහිටා ඇති පරිගණක පද්ධති තුළින් රැස් කර ගත් පුද්ගලික තොරතුරු ගබඩා කර තබයි. අපි පරිගණකය හරහා ඉතාමත් රහස්‍ය තොරතුරු (ණයවරපත් අංක හෝ මුර වචන වැනි) සම්ප්‍රේෂණය කරන විට,ආරක්ෂිත Socket Layer (SSL) මූල ලේබය වැනි දෙයකින්, දත්ත සංකේත වලට හැරවීමෙන් ඒවා ආරක්ෂා කරනු ලබයි.
ඔබේ ගිණුම සහ පුද්ගලික තොරතුරු ආරක්ෂා කිරීමට මුරවචනයක් භාවිතා කරයි නම්,ඔබේ මුර වචනය රහස්‍යගතව තබා ගැනීම ඔබේ වගකීමයි. එය හුවමාරු නොකරගන්න. ඔබ තව කෙනෙකු සමඟ පරිගණකය හුවමාරු කර ගනී නම්,ඔබට පසුව භාවිතා කරන්නන්ගෙන් ඔබේ තොරතුරු වලට ප්‍රවේශ වීම වැළැක්වීම සදහා සෑම විටම ඔබ අඩවියකින් හෝ සේවාවකින් ඉවත් වීමට පෙර පරිගණකයෙන් වරන්න.
තොරතුරු ගබඩාකර ඇත සහ ක්‍රියාවෙහි යොදවන ස්ථානය
Microsoft අඩවි සහ සේවාවන් මත රැස් කරගත් පෞද්ගලික තොරතුරු Microsoft හෝ ඊට අනුබද්ධ,ආධාරකයක් හෝ, පහසුකම් නඩත්තු කරන සේවා සපයන්නන් ඇමරිකාවේ හෝ වෙනත් රටක ගබඩාකර සකසනු ලැබේ. යුරෝපා ආර්ථික ප්‍රදේශයෙන් සහ ස්විට්සර්ලන්තයෙන් දත්ත රැස් කිරීම, භාවිතා කිරීම සහ අත්නෑර තබා ගැනීම සම්බන්ධව ඇමෙරිකා එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුවෙන් දන්වා සිටින පරිදි ඇමෙරිකා-යුරෝපා සුරක්ෂිත රැකවරණ රාමුව සහ ඇමෙරිකා-ස්විට්සර්ලන්ත සුරක්ෂිත රැකවරණ රාමුව සමඟ Microsoft එකඟ වී ඇත. සුරක්ෂිත රැකවරණ වැඩසටහන ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා සහ අපේ සහතිකකිරීම බැලීම සඳහා කරුණාකර,පහත සඳහන් අඩවිය වෙත පිවිසෙන්න. http://www.export.gov/safeharbor/.
Safe Harbor වැඩසටහනේ Microsoft හි සහභාගිත්වයේ කොටසක් ලෙස අපේ ප්‍රiතිපත්ති සහ භාවිතයන් සම්බන්ධව අපි සමඟ ඇති මතභේද නිරවුල් කිරීම සඳහා, අපි ස්වාධීන පාර්ශ්වයක් වන TRUSTe භාවිතා කරයි. ඔබ TRUSTe සම්බන්ධ කර ගැනීමට කැමති නම්, කරුණාකර මෙම වෙබ් අඩවිය වෙත පිවිසෙන්න. https://feedback-form.truste.com/watchdog/request.
Microsoft ,අපේ නීති බන්ධනයන් සමඟ අනුකූල වීමට, මතභේදයන් විසඳා ගැනීමට, අපේ ගිවිසුම් බලාත්මක කිරීමට, සහ සේවා සැපයීමට අවශ්‍ය වන තාක් කල් වැනි හේතු සඳහා ඔබේ පුද්ගලික තොරතුරු රඳවා තබා ගනු ඇත. ඔබේ පුද්ගලික තොරතුරු වෙත ප්‍රවේශ වීමට ඔබේ තොරතුරු වෙත ප්‍රවේශ වීම ට පිවිසෙන්න..
අපේ පෞද්ගලිකත්ව ප්‍රකාශයට සිදුකළ හැකි වෙනස්කම්
පාරිභොගිකයන්ගේ ප්රතිචායන් මෙනෙහි කිරීමට සහ අපේ සේවාවන්හි වෙනස්කම් ඇති කිරීමට අපි ඉදහිට අපේ පුද්ගලිකත්ව ප්‍රකාශයන් යාවත්කාලීන කරනු ලබයි. අපි මෙම ප්‍රකාශයට වෙනස්කම් එවන විට,මෙම ප්‍රකාශයේ ඉහළ ඇති දිනය "අවසන් වරට යාවත්කාලීන කළ" යන්න ප්‍රතිශෝධනය කරයි. මෙම වගන්තියට ද්‍රව්‍යමය වෙනසක් සිදුවුවහොත් හෝ ඔබේ පෞද්ගලික තොරතුරු Microsoft විසින් කෙසේ භාවිතා කරයිද කියා,කෙළින්ම ඔබට නිවේදනයක් එවීම හෝ එවැනි වෙනස්වීම් ක්‍රියාත්මක කිරීමට පෙර මුලින්ම අපි ඔබට දැනුම් දෙනු ඇත. Microsoft ඔබේ තොරතුරු ආරක්ෂා කරන ආකාරය ගැන දැනගැනීම සඳහා ඔබ භාවිතා කරන නිෂ්පාදන සහ සේවාවන් වල පුද්ගලිකත්ව ප්‍රකාශය විටින් විට සමාලෝචනය කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
අප සම්බන්ධ කර ගන්නා ආකාරය
Microsoft Privacy, Microsoft Corporation, One Microsoft Way, Redmond, Washington 98052 USA
ඔබේ රටේ හෝ පළාතේ Microsoftපරිපාලනය සෙවීම සදහා http://www.microsoft.com/worldwide/ වෙත පිවිසෙන්න..
FTC පුද්ගලිකත්ව මුල් පිරීම්
නිවසේදී ආරක්ෂාව
Trustworthy Computing